වනාන්තර ප්‍රදේශ වර්ගීකරණය

රක්ෂිත වනාන්තර


වනාන්තර ප්‍රදේශ වර්ගීකරණය
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.  තව ද, මෙම වනාන්තර, වන ආඥා පනත සහ ජාතික උරුම වන භූමි පනත යටතේ විවිධ කාන්ඩවලට අයත් වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
1.      ජාතික උරුම වන භූමි ප්‍රදේශ
උපරිම නීතිමය ආරක්ෂාවක් සැපයීමේ අරමුණින් ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද අප රටේ පිහිටි අද්විතීය පරිසර පද්ධති මෙයට අයත් වේ. වර්තමානයේදී ජාතික උරුම වන භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන එකම ප්‍රදේශය සිංහරාජ වනාන්තරයයි.
2.      සංරක්ෂණ වනාන්තර
වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ වඩාත් වැදගත් පරිසර පද්ධති, සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.  වන ආඥා පනත යටතේ උපරිම නීතිමය ආරක්ෂාවක් සැපයෙනුයේ සංරක්ෂණ වනාන්තරවලට වන අතර, මෙම වනාන්තර තුළ පර්යේෂණ කටයුතු සිදුකිරීම සහ සුන්දරත්වය නැරඹීමට සංචාරය කිරීම හැරුණු විට වෙනත් කිසිඳු කටයුත්තකට අවසර නොදේ.
3.      රක්ෂිත වනාන්තර
මෙම වනාන්තර වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.  මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්‍රදේශ වේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා අවසර තිබේ.
4.      ගම්මාන ආශ්‍රිත වනාන්තර
මෙම වනාන්තර, වන ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තරය. මෙම වනාන්තරවලින් ප්‍රාදේශීය ප්‍රජාවට වනජ නිෂ්පාදන සහ සේවාවන් සැපයේ.
5.      අනෙකුත් රජයේ වනාන්තර
ඉහත කාණ්ඩ යටතේ වර්ගීකරණය නොකළ වනාන්තර ප්‍රදේශ වන ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ අනෙකුත් රජයේ වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.  මෙම වනාන්තරවල මිනුම් කටයුතු සිදුකිරිම සහ මායිම් සලකුණු කිරිම අවසන් වූ පසු මෙම ප්‍රදේශ ද ඉහත සඳහන් කාණ්ඩයකට අයත් වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්වනු ඇත.

0 comments: