නුදුටු දසුන්
සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන්. හුරුපුරුදු සතුන්ගේ හැඩරුව කැමරාවට. ඉරාන ජාතිකයකුගේ දස්කමක්.
ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න. ‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.
මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි.
ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්‍රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.
ඉරානයේ ටැබ්රීස් නගරයේ වැසියකු වන ඕමිඞ් ගොල්සාර් සිය කාර්යය ගැන කියන්නේ මෙහෙමයි: ”මගේ කැමරාව මා රැගෙන ගියා සත්වලෝකයේ අමුතු ඉසවුවක් කරා. කෘමීන්ගේ මකුළුවන්ගේ ලෝකයේ පියවි ඇසට නොපෙනෙන දෑ බලන්නට ඒ තුළින් උත්සාහ කළ මට විස්මිත දසුන් රැසක් දකින්නට ලැබුණා. ඒවායින් කීපයක් මේ ඔබට දකින්නට සලස්වන්නේ.”

මේ සමනලයකුගේ හිසක අති සමීප රූපයකි.

මී මැස්සෙකුගේ හිසක අති සමීපරුවක්.

මකුළුවකුගේ හිසක සමීප රූපයක්.

බොහෝ මැක්‍රෝ ඡායාරූප ශිල්පීන් මෙවැනි පින්තූර ගන්නට විශේෂිත කාච භාවිත කළත් ගොල්සාර් මේ සඳහා යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය මිමී 28 කාචයක කැමරාවකි.

බමරකුගේ හිසක සමීප රුවක්

අපට හුරුපුරුදු ගෙමැස්සාගේ හිසේ සමීප රූපයක්

කුරුමිණියකුගේ හිසක්

සාමාන්‍යයෙන් නොපෙනෙන සිහින් කෙඳි දැක්වෙන මකුළු හිසක්.

ශලබයකුගේ සමීප රූපයක්

0 comments: