අභිමානී කලාගාරය සීගිරිය

ඉතිහාසය

Image result for sigiriyaImage result for sigiriya
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලාගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රීක්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.

ප්‍රධාන අවධි

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
  • පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
  • මහා නුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

දක්නට ලැබෙන ලක්ෂණ

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර





Image result for sigiriya

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ

සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී.පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්

  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  • ඉන්ජිනේරු විද්‍යාව
  • ජල තාක්ෂණය
  • ගෘහ නිර්මාණ ශිල්පය
  • කලා ශිල්ප හා සාහිත්‍ය
නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්
සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීම

සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රීලංකාවේදී ද ඉන්දියාව එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකළ සිගිරි මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.

ප්‍රංශයේ භාවිතය

සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.

සීගිරියේ වාස්තු විද්‍යාව

සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ.

වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය

නාගරික සැළසුම්කරණය

සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.

සිගිරියේ බිම් සැලසුම

සීගීරියේ බිම් සැලසුම සීගීරියේ නගර සැලසුම

නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග:-

  • නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
  • දොරටු නිර්මාණය
  • පාරිසරික සම්බන්ධතාවය
  • ලෙන් නිර්මාණය
  • ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)

නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.

සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාව‍ශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා ති‍‍බෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා ති‍බේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර ති‍බේ. සිගීරි පර්වත‍යේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැ‍බෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.

දොරටු නිර්මාණය

සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.

පාරිසරික සම්බන්ධතාවය.

සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය ව‍ටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.

ලෙන් නිර්මාණය.

සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කො‍ටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.

ගල් භාවිතා කිරිමේ ස්වරුපය.

ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැ‍බෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැ‍බෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.

Sigi 0018.jpgSigi 0019.jpgAnuradhapura samadhi statue.jpgSigiriya-top.jpg

සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පි‍ටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.

*උද්‍යාන සැලසුම්කරණය

සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
  • ජල උද්‍යානය
  • ශිලා උද්‍යානය
  • මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.

*ගොඩනැගිලි සැලසුම්කරණය

නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.

සීගිරි බිතු සිතුවම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සීගිරිය 1.jpg
Sigiriya 21.jpg
5වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය එදා මෙන්ම අදත් පෙර අපර දෙදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ලොව අටවන පුදුමය ලෙස විශ්ව සම්මාන දිනීමට සමත් වී ඇත. සීගිරියේ ශේෂව පවත්නා නටඹුන් අතර ඉතා වැදගත් ස්ථානයක් සීගිරි බිතු සිතුවම්වලට හිමි වේ. මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ.

ඉතිහාසය

Sigiriya 20.jpg
සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සාහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.
ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. ඉගටියෙන් ඉහළ නග්නව සිටින රන්වන් ලියන්,තනපටක් බැඳ සිටින නිල්වන් ලියන් කැටුව සිටින අයුරින් දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් නිර්මාණය වී ඇත.එමෙන්ම සීගිරි සිතුවම් කලාත්මක සෞන්දර්යය කාර්යයන් උදෙසාම නිර්මාණය වූවකි.
කාන්තා රූප වළාකුළුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත.මෙම වළාකුළු රන් පැහැතිය.හිරු බැස යන අවස්ථාවේ රතුපාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැතිව හිස් අහස පමණක් තිබීම විශේෂයකි.මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්‍ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති.පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්,නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත්ය. සන්ධ්‍යා භාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ.ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල් වට්ටිවලට එකතු කරති.පුබුදුවන ලද මල් බිමට දමන කාන්තාවෝ ද වෙති.තවත් කාන්තාවන් මල් දෙස බලාසිටී.මෙම රැඟුමට සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන තිබේ. ඒ බව කුරුටු ගී වල සඳහන් වේ.එනම්,වීණාවක් අතින් ගත් තැනැත්තියක් හා චිත්‍ර ලෙනේ දකුණුපස මහලු කාන්තාවක් තාලම්පට වැනි උපකරණයක් වයමින් සිටීමයි.
මල්වල ඇති මෘදු මොළොක්බව,සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්‍ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිලි වේ.

භාවිතා කර ඇති ශිල්පීය මූලධර්ම

චිත්‍ර ශිල්පීය මූලධර්ම හයක් පැරණි යුගයේ භාවිතා විය. එනම්,ප්‍රමාණ,භාව,රූපභේද,ලාවන්‍යයෝජන,වර්ණකාංග හා සදෘශ්‍යකරණ යනුවෙනි.මෙම මූලධර්මයන්ට අනුකූලව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. සීගිරි කතුන්ගේ පුන් පියයුරු,සිහිනිඟ,නිලුපුල් ඇස්,දිගටි මුහුණු,තඹවන් තොල් ආදී අංගයන් වර්ණනා කර ඇති ආකාරය අනුව පෙනීයන්නේ මෙම ළඳුන් නව යෞවනියන් බවයි.සීගිරි චිත්‍ර නිර්මාණයේ දී කාන්තා ශරීරයේ ව්‍යවච්ජේද විද්‍යාත්මක වැදගත්කම ද සැලකිල්ලට ගෙන ඇත.සිරුර නැමෙන විට උදරයේ ඇතිවන රැළි ඉතා පැහැදිලිව දක්වා තිබේ.මෙවැනි රූප මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්‍ෂා කිරීමට ඉවහල් වී තිබේ.
  • ඉරියව්: දැනට ශේෂව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.
  • ප්‍රමාණ: සීගිරි සිතුවම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.
  • භාව: චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවීව පෙනේ.සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය.මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ.භාව ප්‍රකාශන අතින් ප්‍රධාන තැන මුහුණට ලැබෙයි.
  • ලාවන්‍යයෝජන: ලාවන්‍යයෝජන යනු,චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි.ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස අඟ පසඟ උචිත වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය තැනට ආලෝකය ද අඳුර අවශ්‍ය තැනට අඳුර ද තිබිය යුතුය.සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජන මැනවින් දැකිය හැකිය.එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී තිබේ.
  • වර්ණකාංග: එනම්,චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙලිතුඩ හැසිරවීමේ ක්‍රමයයි.සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ.එමෙන් ම නාරිදේහයේ ලාලිත්‍යයට අනුකූලව තෙලිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ.සීගිරි චිත්‍ර වියළි බදාම තලයක් මත නිර්මාණය කිරීම නිසා "ටෙම්පරා"ගණයට අයත් වේ.
ඉතා මෑතක දී පුද්ගලයකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි.
සීගිරිය 4.jpg සීගිරිය 5.jpg සීගිරිය 6.jpg සීගිරිය 7.jpg Sigiriya ladies.jpg සීගිරිය 13.jpg සීගිරිය 14.jpg Sigiriya 18.jpg සීගිරිය 12.jpg සීගිරිය 11.jpg සීගිරිය 8.jpg සීගිරිය 10.jpg Sigiriya 15.jpg

සීගිරි චිත්‍ර පිළිබඳ ඉදිරිපත් වී ඇති මත

01.එච්.සී.පී.බෙල් මහතාගේ මතය:
මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය.ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බව කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත.
02.ආනන්ද කුමාරස්වාමිගේ මතය:
සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවයි.
03.නන්දදේව විජේසේකර මහතාගේ මතය:
"රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බවයි.
04.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතය:
මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ දිය කෙළියක් බව ඔහු කියයි.
05.මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය:
රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බව ඔහුගේ මතයයි
06.සිරි ගුනසිංහගේ මතය:
2010 වසරේ පළ කෙරුණු Sigiriya: Kassapa’s Homage to Beauty නමැති කෘතිය තුළ කලා ඉතිහාසඥ සිරි ගුනසිංහ තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි. 

සීගිරිය විශේෂ ලක්ෂණ 
සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්රඇපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්ර‍මිකව දිවෙන බෑවුමක් ඇත.
ක්රි .ව. 5 වැනි සියවසේ කාශ්යැප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. පර්වතයේ සමතලා මතුපිට මාළිගාවක නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්යාටන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්ර්මාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්රියේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්යසම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්යාාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්යාකණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්යා නයෙහි ජලය රදවා තබා ගන්නා ව්යුකහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්රවමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්රිසයාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්රකයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.

සීගිරිය නගරයේ උයන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සීගිරිය නගරයේ භූමි අලංකරණය එහි ඉතාම වැදගත් අංගයන්ගෙන් එකක් ලෙස සලකණු ලැබේ. එහි තිබෙන උද්‍යාන, ස්වභාවික පිහිටීම උපයෝගී කර ගෙන නිර්මාණය කරන ලද ලෝකයේ පැරණිතම භූමි අලංකරණවලින් යුත් උද්‍යානවලින් එකකි. වෙන වෙනම තිබෙන නමුත් එකට එක් කළ හැඩයන් තුනක් එහි තිබේ. ඒවා නම් ජලය, ලෙන් සහ වටකුරු ලොකු කුඩා ගල් පර්වතවලින් යුත් උද්‍යානයන්ය. මෙහි බටහිර සීමාවේ දක්නට ලැබෙන ජල උද්‍යාන ඉතා අලංකාර සැලසුම්වලින් යුක්තය. කිරිගරුඬ පුවරු හරහා ගලා යන දියපහරවල් සමග විවිධාකාර ගැඹුරින් යුත් පොකුණු ද ජල උද්‍යානයෙහි තිබේ. පොලව යට පිහිටි ජල පීඩන ක්‍රමයකින් වතුර මල්වලට ජලය සැපයුන අතර ඒවා අද ද ක්‍රියාත්මක වේ. අනෙකුත් ජල උද්‍යානවලට මණ්ඩපයන් සම්බන්ධ කර තිබුණු අතර ඒවා ඇතුළත සිසිල් කිරීම සඳහා සැකසුන දිය පහරවල්වලින් යුක්ත විය. වටකුරු ගල් පර්වත ඇතුළත් කොට නිර්මාණය කර තිබුණු උද්‍යාන ජල උද්‍යානවලට වඩා වෙනස් සැලසුම් සංකල්පයක් තිබුණි. මෙම උද්‍යානවල මණ්ඩප එක් කොට පටු පාරවල් ද යොදා තිබුණි.
කැටපත් පවුර
(කැටපත් පවුර සහ බිතු සිතුවම් කරා යන දඟර පඩි පෙළ)
නිර්මාණය කළ මුල් අවධියේදී කැටපත් පවුර මනාව ඔප් නංවා තිබුණි. එය අද්දරින් ගමන් කරද්දී රජුට තම පිළිබිඹුව කැටපත් පවුරෙන් දැක ගත හැකි විය. කිසියම් පිඟන් මැටි වර්ගයක් යොදා ගෙන තනා ඇති මෙම පවුරෙහි සීගිරිය නැරඹීමට පැමිණි අය ලියූ කුරුටු ගී දක්නට ලැබේ. මෙම ගී හොඳින් සංරක්ෂණය වී ඇති අතර 8 වැනි සියවසේ සිට ඉදිරියට ලියැවී තිබෙන පද්‍යයන් එහි තිබේ. සෑම තරාතිරමකම ජනයා මෙම කැටපත් පවුරේ ආදරය, ව්‍යාජෝක්තිය සහ විවිධ අත්දැකීම් ගැන ගී ලියූහ. දැනට ඒ මත ගී ලිවීම තහනම් කර ඇත.

0 comments: