උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරය

උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරය



The Pothos or Devil's Ivy, Epipremnum aureum, creeper from the Salomon Islands poses the second major foreign invasive threat to the natural ecosystem. Without their natural enemies (diseases, insects or animals that feed on them) these grow and multiply rapidly, blocking light for other species underneath.
ක්‍රි.පු. 1371 දී නුවර නැමති නගරයේ ප්‍රාරම්භකයා වූ ගම්පොළ වික්‍රමබාහු රජතුමා එවකට ඝන වන භූමියක්ව පැවති උඩවත්ත කැලේ සිය මාලිගය ඉදිකරන ලදි. 1815 දක්වා උඩවත්ත කැලේ රාජකීයන් සඳහා පමණක්ම වෙන්කර තැබිණි.  එය සාමාන්‍ය ජනයාට තහනම් වූ වනාන්තර ප්‍රදේශයක් විය.  රාජ්‍ය පාලනය සාමකාමීව සිදුවන අවධියේ දී උඩරට රජවරුන් හට උඩවත්ත කැලේ සතුටු උයනක් වූ අතර, යුද්ධ කාලයේදී වනාන්තරයේ තුරු වඳුළු අතර සැඟවී සිටිමින් එය ආරක්ෂිත ස්ථානයක් බවට පරිවර්තනය කර ගත්හ.
උඩවත්ත කැලේ, නුවර නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් නුවර වැවට උතුරු දෙසින් පිහිටා තිබේ.  මෙම උඩවත්ත කැලේ රාජකීය වන උයන වර්තමානයේ දී හෙක්ටයාර් 104 ක් පමණ ආවරණය කරමින් පිහිටා තිබේ.  මෙය අද දිනයේ ඉතාම සුවිශේෂී වනාන්තරයක් ලෙස සැලකේ.  මන්දයත්, ඉතා ඉහළ ජනගහනයකින් යුක්ත නිරතුරු හැලහැප්පීම්වලට ලක්වන ඉතාම කාර්යබහුල නගරයක් මධ්‍යයේ මෙම සාරවත් වන පියස පිහිටා තිබෙන බැවිනි.  බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමත් සමඟම හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාව පැන නැඟුනි.  මෙසේ වූයේ උඩරැටියන් සැඟවී පහරදෙතැයි කියා ඇති වූ භීතිය හේතුවෙනි.  කෝපි වගාව ව්‍යාප්ත වීම සහ වැඩි වැඩියෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කිරිම යන හේතු නිසාවෙන් වැඩි වැඩියෙන් නොඉඳුල් වනාන්තරය එළිපෙහෙලි වන්නට විය.
උඩවත්ත කැලේ, පෙර රජ දවසේ පැවති පෞඩ ශ්‍රී විභූතිය නැවත ඒ ආකාරයටම පවත්වාගෙන යෑම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කර තිබේ.  නැවත වන වගා කිරීමේ දැවැන්ත වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස උඩවත්ත කැලේ පැවති එම අතීත ශ්‍රී විභූතිය බොහොදුරට අදටද පවත්වා ගැනීමට හැකි වී තිබේ. අනාදිමත් කාලයේ පැවති වනාන්තරයේ ඉසුරුමත් බව අදට ද උඩවත්ත කැලය තුළ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකිය.
බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථම වනාන්තරය උඩවත්ත කැලයයි. 1897 දී එවකට පැවති රජය විසින් උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  නුවර නගරයට මෙම වනාන්තරය මඟින් එකතු කරනු ලබන සුන්දරත්වය හේතුකොට ගෙන මෙලෙස මෙම වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව කියැවේ. 1938 දී මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  වර්තමානයේදී මිනිසාගේ තරාතිරම නොතකා සුන්දරත්වයේ පහස විඳීමට පැමිණෙන සංචාරකයින් සියළු දෙනා පිළිගැනීමට මෙම ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් නිර්මාණය  කර ගත්හ.

දේශගුනය:
වනාන්තරයේ දේශගුණය නුවර දේශගුණික තත්වයන්ට සමාන වේ. නිරිත දිග මෝසම මැයි මස මැද භාගයේ සිට ජුලි / අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන අතර, ඊසාන දිග මෝසම ඔක්තෝබර් / නොවැම්බර් සිට ක්‍රියාත්මක වේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1615 ක් පමණ ද, උෂ්ණත්වය 24‘ C ක් පමණ ද වේ. 

Image result for lanka forest

ජල විද්‍යාත්මක වැදගත්කම:
Image result for lanka forest
ඉතා ඉහළ ජනගහනයක් වෙසෙන නුවර නගරයේ ජල මාර්ගවල ඉතාමත් වැදගත් ජලාධාරයක් ලෙස උඩවත්ත කැලේ වනාන්තරය ක්‍රියා කරයි.  අති රමණීය නුවර වැවට ජලය සපයන ජල මූලාශ්‍ර පෝෂණය වන්නේ ද උඩවත්ත කැලයෙනි.  පරිසර දූෂණය පාලනය කරන්නා වූ පාලකයෙක් වශයෙන් සහ නුවර නගරය වටා සිසිල්, සෞම්‍ය ක්ෂුද්‍ර පාරිසරික තත්වයක් සඳහා දායකයෙක් වශයෙන් උඩවත්ත කැලේ වැදගත් වේ.
ජෛව විවිධත්වය - ශාක විශේෂ:
Image result for lanka forest
මෙම වනාන්තරයේ වෘක්ෂලතා දී දර්ශ ප්‍රධාන වශයෙන් වන වගා සහ ද්විතියික වනාන්තර යන මේවායේ සංකලනයෙන් ඇති වූ තරමක ඝන වනාන්තරයකි.  ඇතැම් ස්ථානවලදී මෙම වනාන්තරය කෙතරම් ඝනකම් ද යත්, එම ස්ථානවලදී වනාන්තරය හරහා ගමන් කිරිමට නොහැකි වන පරිදි වැල් මෙන් වර්ධනය වන උණ විශේෂයකි.  මෙම වනාන්තරය තුළ ශාක විශේෂ 460 ක් පමණ හමු වී තිබේ.  මේවා අතර, ශාක විශේෂ 135 ක් සහ වැල් වර්ග 11 ක් පමණ වන අතර, ඉන් විශේෂ 09 ක් ශ්‍රී ලංකාවට ආවේණිකය.  මෙම වනාන්තරය තුළ මැහෝගනී, ගිනිසපු, නා සහ කට්ටකුමංජල් යන ශාක විශේෂ ප්‍රමුඛ ශාක ලෙස දැකිය හැකිය.  කට්ට කුමංජල් ශාකය, මෙම රටට හඳුන්වා දුන් විදේශීය ශාකයක් වන අතර, පසු කලකදී ආක්‍රමණශීලී ශාක විශේෂයක් ලෙස වනාන්තරයේ ජෛව විවිධත්වයට තර්ජනයක් වී තිබේ. "වෙසක් ඕකිඩ්" යනුවෙන් හඳුන්වන ඉතාම දුර්ලභ ආවේණික ඕකිඩ් විශේෂයකට උඩවත්ත කැලේ ස්වභාවික වාසස්ථානයක් වී තිබේ.  යෝධ පුස් වැල මෙම වනාන්තරය තුලදී දැකිය හැකි ඉතාම සුවිශේෂී දසුනකි. මෙම පුස්වැලේ අඩි පහකට වඩා වැඩි දිගකින් යුක්ත කරල් හටගත් බවත්, මෙම කරල් පැරැණ්නන් විසින් යම් යම් ද්‍රව්‍ය අසුරා තැබීමට පෙට්ටි ලෙස / මංජුසා ලෙස යොදාගත් බවත් කියැවේ.  වසර 200 – 300 ක් පමණ වයසැති යෝධ පුස්වැලක් "කොඩිමලේ" නැමති ස්ථානයේදී දැකිය හැකිය.  මෙම රක්ෂිතය තුළ උසම ස්ථානය වන "කොඩිමලේ" මුහුදු මට්ටමේ සිට අඩි 1800 ක් පමණ ඉහළින් පිහිටා තිබේ.  පැරණි රජවරු විශේෂ අවස්ථාවලදී කොඩි එසවීම සිදුකරන ලද්දේ මෙම ස්ථනයේය.
‍ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ
අං කටුස්සා මෙම වනාන්තර තුළදී හමුවන දුර්ලභ කටුසු විශේෂයකි.  හඳුන් දිවියා, වල් ඌරා, වඳුරා, හාවා, ලේනා, ඉත්තෑවා සහ කබල්ලෑවා මෙම වනාන්තරය තුලදී හමුවන ක්ෂීරපායි සතුන්ය.  රිලවුන් රංචු වනාන්තරය තුළ දක්නට ලැබෙන සුලභ දසුනකි.  ‍මෙම උප විශේෂය කඳු රටට සුවිශේෂී වූ උප විශේෂයක් වන අතර, ඝනකම් ලෝම ආවරණයකින් සම්පූර්ණ ශරීරයම වැසී තිබේ. උඩවත්ත කැලය හා සම්බන්ධ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් එහි සිටින අධික පක්ෂී විශේෂ සංඛ්‍යාව දැක්විය හැකිය.  කහ කුරුල්ලා, කොවුලා, පිළිහුඩුවා, නිල්පිය කොළරිසියා, අළු කොබෙයියා, නීල කොබෙයියා, ටිකල් නිල් - මැසිමාරා, ආසියා රැහැන්මාරා, කොණ්ඩකුස්සා, සිළු සරපකුස්සා, රත්මූණත් කොට්ටෝරුවා, පොලොස් කොට්ටෝරුවා සහ පෙරදිගු රන් - පිළිහුඩුවා උඩවත්ත කැලේ සුන්දරත්වය වැඩි කරමින් සැරිසරනු මෙම වනාන්තරයට පවිසෙන ඕනෑම පුද්ගලයෙකුට දැකගත හැකිය.  ශ්‍රී ලංකාවේ පිහිටි, ඉතාම පහසුවෙන් යමෙකුට ළඟාවිය හැකි පක්ෂී අභය භූමිය ලෙස උඩවත්ත කැලේ හැඳින්විය හැකිය.
Image result for lanka forest
Image result for lanka forest
පොකුණ:
මෙම වනාන්තරය මධ්‍යයේ සුන්දර පොකුණක් පිහිටා තිබේ. මෙම පොකුණ වටා, උසට වැඩුණු විවිධ විශේෂවලට අයත් ශාක විශේෂ පවතින අතර, එය ආසන්නයේ සරුව වැඩුණු උණ පඳුරකි. බොහෝ පැරැන්නන්ගේ අදහස නම්, නුවර නගර මධ්‍යයේ සිට මෙම පොකුණට උමගක් පවතින බවයි.
මංපෙත්:
වනාන්තරය තුළ මංපෙත් රැසක් දක්නට ලැබේ. ඉන් පැරණිතම මංපෙත වන්නේ හෝර්ටන් ආර්යාව අනුස්මරණය කිරිම සඳහා 1934 දී ඉදිකරන ලද හෝර්ටන් ආර්යාවගේ මංපෙතයි.  මෙම සුන්දර වනාන්තරය මධ්‍යයේ පිහිටි පොකුණ වටා දිවෙන පරිදි ඉදිකර තිබෙන පටු මාර්ගය ගස් හා පඳුරු බහුලව පවත්නා සෙවණැති, සිසිල් පරිසරය තුළින් වැටී තිබෙන බැවින් එහි ගමන් ගන්නා අයට ඉතාමත් සුවදායී අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසේ.
සෙංකඩ ගුහාව:
ඵෙතිහාසික ලියකියවිලිවලට අනුව, ‍"සෙංකඩ" නම් වූ තාපසයෙක් සිංහල රජ දවසේ අප රටේ වාසය කර තිබේ.  ඔහුගේ අදහස වී ඇත්තේ උඩවත්ත කැලේ ඉතාමත් වාසනාවන්ත වූද, ජහග්‍රහණ අත්පත් කරදීමේ හැකියාවක් සහිත වූද, ස්ථානයක් බැවින්, රජතුමාගේ වාසස්ථානයට කදිම බවකි.  ඒ අනුව රජතුමා සිය මාලිගය මෙම ස්ථානයේ ඉදිකර තිබේ.  ඔහුව අනුස්මරණය කරමින් මාලිගය පිටුපස තිබෙන ගුහාව "සෙංකඩ ගුහාව" නමින් හඳුන්වා තිබේ. අදට ද දක්නට ලැබෙන්නේ මෙම ගුහාවයි.
පන්සල් සහ ආරාම:
Image result for kandy sri lanka
සිංහල රජ සමයේදී භාවානායෝගීව වැඩ වසන භික්ෂූන්ට මෙම වනාන්තරය විවෘත කරන ලදි. වන අරණ සහ සේනානායක ආරාමය, තපෝවන පන්සල, කීර්ති ශ්‍රී පොත්ගුල් විහාරය, සිරිවර්ධනාරාමය සහ ‍පෞරාණික ගංගාරාම විහාරය උඩවත්ත කැලේදී හමුවන ප්‍රසිද්ධ පන්සල් පහ වේ. මෙයට අමතරව තවත් පන්සල් කිහිපයක් තිබෙන අතර, මෙයට අසළ පිහිටි භාවනා මධ්‍යස්ථානය ඇතුළත් වේ.
ගැරිසන් සොහොන:

ශ්‍රි ලංකාවේ විසූ බ්‍රිතාන්‍ය ජාතිකයින් මියගිය පසු වැළලූ සොහොනක් උඩවත්ත කැලේ දක්නට ලැබේ. මෙය ගැරිසන් සොහොන ලෙස හැඳින් වේ. මෙහි දක්නට ලැබෙන ජනප්‍රිය සොහොන් කොත් අතුරින් එකකි, ශ්‍රීමත් ජෝන් ඩොයිලී ගේ සොහොන් කොත.












0 comments: