ලෝක උරුම වන භූමි 2
මෙම කඳු පන්තියේ මිට මොලවාගත්
හස්තයක ස්වරූපය පෙන්වන කඳු මුදුන් පහක් පිහිටීම හේතුවෙන් ඊට නකල්ස් යන නම ලැබී
තිබේ.
දුමින් බරවූ
කඳු පන්තිය යන අරුත ඇති "දුම්බර කඳු වැටිය" යන නමින් හඳුන්වන මෙම
කඳුයාය නුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 21000 ක් පුරා ව්‍යාප්තව පවතී. මෙම කඳු පන්තිය දුම්බර නිම්නය ලෙස
හඳුන්වන ගැඹුරු නිම්නයකින් මධ්‍යම කඳුකරයෙන් වෙන් වී තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු
මුදුන් 35 කින්, මීටර් 1500 කට වඩා වැඩි උසකින් යුක්ත කඳු
මුදුන් 20 කින් සහ
මීටර් 2000 කට වඩා වැඩි
උසකින් යුක්ත කඳු මුදුන් දෙකකින් නකල්ස් වනාන්තරය සමන්විත වේ.
1873 වසරේදී මීටර් 1500 කට වඩා ඉහළ උසකින් යුක්ත නකල්ස්
කඳු පන්තිය දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. වසර 2000 අප්‍රේල් මාසයේදී මෙය සංරක්ෂණ වනාන්තරයක් ලෙස ද, ඉන්පසු ජාතික මිනිසා සහ ජෛවගෝල
රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත්කරන ලදි. 2010 වසරේදී නකල්ස් කඳුවැටිය, හොර්ටන් තැන්න හා ශ්‍රීපාද අඩවිය
ඇතුලත් කොට “ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය” (Central Highlands of Sri Lanka) නමින්
ස්වභාවික ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.
දේශගුණය:
ශ්‍රී ලංකාවේ
දක්නට ලැබෙන පුළුල් විවිධත්වයකින් යුක්ත සියළුම දේශගුණික තත්වයන් දුම්බර
කඳුවැටිය මඟින් නියෝජනය වේ. මෙම තත්වයන් අතිශයින් තෙත් දේශගුණයක සිට ශුෂ්ක
දේශගුණයක් දක්වාම පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි. දළ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000 ක් පමණ වූ අතිශයින් තෙත් දේශගුණයක්
කඳුකර වනාන්තර ප්‍රදේශවල දක්නට ලැබෙන අතර, දළ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500 කට වඩා අඩු වර්ෂාපතනයක් ලබන පහත්
බිම් ප්‍රදේශද මෙම දුම්බර වනාන්තරය තුළ දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල ජනවාරි සිට මාර්තු
දක්වා කාලයේදී තුහින පතනයක් ද දක්නට ලැබේ. තව ද, අධික සුළං තත්වයක් ද මෙම ප්‍රදේශය තුළ බල පැවැත්වේ.
වෘක්ෂලතාදී දර්ශ:
නිම්න ආශ්‍රිතව
නිවර්තන පහතරට අර්ධ සදාහරිත වනාන්තර වර්ගය දක්නට ලැබෙන අතර, මෙම වනාන්තර වර්ගය මිල්ල, මොර, වෙලං, බදුල්ල ආදී විශාල ශාක වශේෂවලින් සමන්විත වේ. ඉහළ කඳුකර වර්ෂා වනාන්තර ලෙස සාමාන්‍යයෙන්
හඳුන්වනු ලබන නිවර්තන කඳුකර තෙත් සදාහරිත වනාන්තර ඉහළ බෑවුම්, කඳුවැටි සහ කඳු මුදුන්වල දක්නට
ලැබේ.
"වළාකුළු වනාන්තර" ලෙස හඳුන්වන
ඉහළ ස්ථානවල පිහිටි වනාන්තර තුළ වර්ණවත් ඕකිඩ්, පරණාංග සහ පාසි වර්ග දක්නට ලැබේ. ගස්වල කඳන් මත සහ
තෙතමනයෙන් යුක්ත ගල් මත තුනී පටල ආකාරයෙන් පවත්නා පරණාංග මෙම වනාන්තරවල සුලභ
දසුනකි. කඳුවල පහළ බෑවුම් ප්‍රදේශවල, නිවර්තන උප - කඳුකර තෙත් අර්ධ සදාහරිත වනාන්තර දක්නට
ලැබේ. වියළි බෑවුම්
ප්‍රදේශවල වියළි උප කඳුකර, තෙත් අර්ධ
සදාහරිත වනාන්තර දක්නට ලැබේ. ගංගා සහ දිය පහර ආශ්‍රිතව සශ්‍රිකව වැඩුණු ගංගාධාර
වනාන්තර ව්‍යාප්තව පවතී.
කඳු බෑවුම්වල
විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් ව්‍යාප්තව පවත්නා තෘණබිම්වල තැනින් තැන
විසිරුණු හුදකලා ශාකවලින් යුත් සවානා බිම් දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට අඩු උසකින් යුක්ත කඳු වැටි මත
එකිනෙකට ඉතා ආසන්නව වැඩුණු තෘණවලින් සැදුම්ලත් පතන තෘණබිම් හමුවේ.
"පිටවල පතන" නමින් හඳුන්වන සුවිශේෂී තෘණ භූමිය
සෞන්දර්යාත්මක වටිනාකම අතින් ඉතාම ඉහළ අගයක පවතී. මීටර් 10 ක් පමණ උසට වැඩුණු තෘණ ආවරණය හෙක්ටයාර් 10 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී
පවත්නා අතර, මෙයට යටින්
සුළු බෑවුවක් සහිත වූද සෙන්ටිමීටර් 10 – 15 ක ඝනකමින් යුක්ත වූ තුනී පස් තට්ටුවක් සහිත වූද ගල්
තලාවකි.
වත්මන් හා
පැරණි ජනාවාස වටා ඝනට වැඩුණු කටු පඳුරු සහිත ලඳු කැළෑ, මීටර් 2 ක් පමණ උසට වර්ධනය වී තිබෙනු දැකිය
හැකිය.
"කුරුගස්කැලේ" ලෙස හඳුන්වන පිග්මි වනාන්තර, නකල්ස් වනාන්තරයේ දක්නට ලැබෙන
අයස්කාන්ත දසුනකි. මෙම
වනාන්තරයේ වසර සිය ගණනක් පැරණි, ඇඹරැණු ශාක දක්නට ලැබෙන අතර, මේවා මීටර් 1 – 2 පමණ උසට විහිදෙන අතු බෙදුණු ශාක වේ. මෙම ශාකවල කඳන් ලයිකන, පාසි, ඕකිඩ් සහ පර්නාංග වැනි කුඩා ශාකවලින් ආවරණය වී තිබේ.
මෙම ශාකවල ස්වරූපය නිරන්තර, දැඩි සුළං තත්වයට දක්වන්නා වූ අනුවර්තනයන්ය.
ජෛව විවිධත්වය - ශාක විශේෂ:
නකල්ස්
වනාන්තර ප්‍රදේශයෙන් ශාක කුළ 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් වාර්තා වී තිබේ. මේ අතර, කාෂ්ඨීය ශාක විශේෂ 288 ක් තිබේ. ශාක විශේෂ අතුරින් 15% ක් ලංකාවට ආවේණික වේ. පතන තෘණ බිම් ප්‍රදේශයේ තිබෙන Brachystelma lankana නැමති කුඩා
පැලය දුම්බර ප්‍රදේශයට සීමා වූ ශාක විශේෂයකි. මෙම කුඩා ශාකය "පතන අල" (තෘණ බිම් අල)
යනුවෙන් හඳුන්වන අතර, ආහාරයට ගන්නා
මාංසල ස්කන්ධ ආකන්ධයක් සහිත වේ.
ජෛව විවිධත්වය - සත්ව විශේෂ:
දුම්බර කඳු
පන්තිය පක්ෂී විශේෂ 128 කට, උභයජීවී විශේෂ 20 කට, සමනල් විශේෂ 60 කට, මොලස්කාවන් විශේෂ 17 කට, ක්ෂීරපායින් විශේෂ 31 කට, උරගයින් විශේෂ 53 කට සහ මත්ස්‍යය විශේෂ 15 කට වාසස්ථාන සපයයි.
ශ්‍රී
ලංකාවෙන් වාර්තා වී තිබෙන පෘෂ්ඨවංශීන් අතුරින් පිලිප්ගේ ගාරා, දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන
මිරිදිය මත්ස්‍ය විශේෂ 3 ද, දුම්බර ගල්පර මැඩියා සහ අං කටුස්සා
ද ආවේණික සත්ව විශේෂ වන අතර හුදෙක් දුම්බර කඳු වැටියටම සීමා වී තිබේ.
වල් ඌරා, වල් හාවා සහ මී මින්නා නකල්ස් වන
පෙත තුලදී සුලභව හමුවන ක්ෂීරපායීන් වේ. ඉතාමත් විමසිලිමත් දෑසකින් වනාන්තරයේ සුන්දරත්වය දකින
සංචාරකයින් හට මුවන්, ගෝනුන්, අලින්, මී හරක්, උනහපුළුවන්, හිවලුන්, මුගටි, රිලව්, කොළ වඳුරන්, ලේනුන්, උරුලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් සහ ඉත්තෑවන් නැරඹීය
හැකිය.
දුම්බර
වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන පක්ෂි විශේෂ 128 අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ. නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන
විශාලතම පක්ෂියා Ictinaetus
malayensis වන අතර, කුඩාම පක්ෂියා Dicaeum erythrorhynchos ය. කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, පිළිහුඩුවන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන් ශාරිකාවන්, කැහි බෙල්ලන් මෙම මීදුමින් වැසුණු
සුන්දර වනාන්තරයේ සුන්දරත්වය තවදුරටත් තීව්‍ර කරයි.
ගල්පරවල
පැළුම් තුළ සහ ගස් බෙන තුළ පක්ෂීන් ආහාරයට ගන්නා මකුළුවන් සිටිනු කලාතුරකින්
දැකිය හැකිය. Orsotraeina
medus සහ Melanitis leda යන සමනල් විශේෂ
වනාන්තර භූමියේ සිටිනු දැකිය හැකිය. මොවුන් කුණු වී යන පළතුරු, සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ දිරාපත් වන
වෘක්ෂලතා කොටස් මත යැපේ.Kallima philarchus සමනළ විශේෂය පොළව මත වැටී තිබෙන වියළි ශාක පත්‍රවලට
ඉතාම කිට්ටු සමානතාවයක් පෙන්නුම් කරයි. තව ද ආවේණික සමනල විශේෂ දෙකක් වන Troides darsius සහ Papilio polymnestor ද නකල්ස් වනාන්තරයෙන් වාර්තා වී
තිබේ. මොවුහු ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂ අතරට වැටේ.
ජල විද්‍යාත්මක වැදගත්කම:
මහවැලි ගංගාව
පෝෂණය කරන්නා වූ ජල දහරා රැසක් සහිත ඉතා වැදගත් ජලධාරාවකි. නකල්ස් වනාන්තර ප්‍රදේශය.
නැගෙනහිරින් පිහිටි හීන් ගඟ, මහ ඔය සහ හසලක ඔය ද බස්නාහිරින් පිහිටි හුළු ගඟ සහ
ගල්මල් ඔය ද වහවැලි නදිය කරා ගලා බසිති.
සමාජ ආර්ථික
වැදගත්කම:
සුවිශේෂි ජීව
සංස්කෘතික සහජීවනයක් පෙන්නුම් කරන ගම්මාන 86 ක් පමණ දුම්බර වන පෙත ආශ්‍රිතව පිහිටා තිබේ. මෙයින් 48% ක් පමණ වු ජනගහනය කෘෂිකර්මාන්තයේ
නිරතව සිටිති.
අහස තෙක් විහිඳුණු කඳු පන්තියකින් වට වූ මීමුරේ ගම්මානය මී මුරේ ඔය ආශ්‍රිතව පිහිටා තිබේ. සිංහල රජ දවසේ රාජ උදහසට ලක්ව පිටුවහල් කළ ජනයා මෙම ගම්මානයේ විසූ බව කියැවේ. මෙම ගම්මානය, දුම්බර මිටියාවතේ දක්නට ලැබෙන අතිශයින් පොහොසත් සංස්කෘතික උරුමයේ ජීවමාන නිදර්ශකයකි.
"මී මුරේ" යන නමට අරුත්
කිහිපයකි. ඉන් එකකින්
කියැවෙන්නේ මෙම ගම්මානයේ මී ගස් (Madhuca longifolia) සුලභව පැවති බැවින් මෙම නම ලැබුණු බවකි. අදටත් මෙම
ගම්මානයේ මී ගස් බහුලව තිබේ.
ස්වභාවික
මංපෙත්:
ස්වභාව
සෞන්දර්යයේ ආශ්චර්ය විඳගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසමින් සංචාරකයින් හට ගමන් කිරිමට
ස්වභාවික මංපෙත් රැසක් මෙන්ම පා පැදිවලින් ගමන් කිරීමට සැකසූ මාර්ග කිහිපයක්ද
වේ.
පහසුකම්:
පිටවල පතන සහ
ඩීන්ස්ටන් යන ස්ථානවල ස්ථාපනය කර තිබෙන තොරතුරු මධ්‍යස්ථානවලින් සංචාරකයින් හට
අවශ්‍ය කරන තොරතුරු අඩංගු මුද්‍රිත ද්‍රව්‍ය සපයන අතර, හඳුන්වාදීමේ වැඩසටහන් ද ඉදිරිපත්
කරයි.
නවාතැන්
පහසුකම්:
නවාතැන්
පහසුකම් සහ කඳවුරු බිම් වෙන්කිරීම:
වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුව සතු සියළුම සංචාරක බංගලාවන් / කඳවුරු බිම් වෙන්කිරිම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ, සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන
කාර්යාලයෙන් පමණක් සිදු කෙරේ. මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 ප.ව. 3.00 ත් අතර ඉදිරිපත් කළයුතුය. මෙම
වෙන්කරවා ගැනීම් ස්ථිර කිරිම සඳහා අදාල සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කතුහිමිකම © 2015 වන
සංරක්ෂණ දෙපාර්තමේන්තූව - ශ්‍රී ලංකාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණ








0 comments: