ලෝක උරුම වන භූමි 1

ලෝක උරුම වන භූමි


ශ්‍රී ලංකාව සතුව ස්වභාවිත ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර ප්‍රදේශ දෙකක් පවතින අතර, මෙම වනාන්තර ප්‍රදේශ පර්යේෂණ, අධ්‍යාපනය සහ ‍විනෝදාශ්වාදය සඳහා කදිම ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.
නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය, හා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය “ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය” (Central Highlands of Sri Lanka) ලෝක උරුමයට අයත් වනාන්තර වේ. සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය එකිනෙකට යාව පිහිටි වනාන්තර කොටස් හතරකින් සමන්විත වේ. ඒවා නම් සමනල අඩවි ස්වභාවික රක්ෂිතය, ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරය, මොරහෙල සංරක්ෂණ වනාන්තරය හා වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය වේ.
සිංහරාජ ලෝක උරුම වන භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර කොටස් වලින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය සම්පූර්ණයෙන්ම ද සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශයේ පිහිටි වනාන්තර වලින් ශ්‍රී පාද සංරක්ෂණ වනාන්තරයමොරහෙල සංරක්ෂණ වනාන්තරය හා වලවේ නිම්න සංරක්ෂණ වනාන්තරය ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් ඉතිරි වනාන්තර කොටස් වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හා සමනල අඩවි ස්වභාවික රක්ෂිතය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ.
සිංහරාජ වනාන්තර
Image result for sinharaja forest map
සිංහ රජෙක්” යන අර්ථයෙන් මෙම නාමය ලැබී තිබේ.  මෙම ප්‍රදේශය 1875 දී රක්ෂිත වාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, 1978 දී අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  ඉන් අනතුරුව 1988 වර්ෂයේදී ජාතික උරුම වන භූමියක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.  1989 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. සිංහරාජ වාන්තරය හෙක්ටයාර් 11185 ක විශාලත්වයකින් යුක්තය.
ප්‍රවේශය:
සිංහරාජයට ප්‍රවේශවීමට ප්‍රධාන ප්‍රවේශ ස්ථාන 3 කි.
1.        කොළඹ - රත්නපුර - කලවාන මාර්ගය (කුඩව ප්‍රවේශය)
2.        කොළඹ - රක්වාන - මෝර්නිංසයිඩ් මාර්ගය (මෝර්නිංසයිඩ් ප්‍රවේශය)
3.        කොළඹ - දෙනියාය - මෙදේරිපිටිය මාර්ගය (පිටදෙනිය ප්‍රවේශය)

දේශගුණය සහ භූ ලක්ෂණ:
සිංහරාජ වනාන්තරයේ දළ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000 – 6000 වන අතර වසර පුරාම වර්ෂාව පවතී.  දළ වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 – 25 අතර අගයක පවතී.  සිංහරාජ වනාන්තරය කඳු වැටි, නිම්න සහ තැනිතලා බිම් යනාදී වූ විවිධාකාර භූ විෂමතා ලක්ෂණ රැසකින් සමන්විත වේ.
වෘක්ෂලතාදී දර්ශ:
සිංහරාජ වනාන්තරයේ වෘක්ෂලතාදී දර්ශය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික නිවර්තන පහතරට තෙත් සදාහරිත වනාන්තර වර්ගයෙන් සමන්විත වේ.  මෙයට අමතරව, උප කඳුකර වනාන්තර සහ උප කඳුකර තෘණ බිම් ද දක්නට ලැබේ.  මෙම අද්විතීය වර්ෂා වනාන්තරයේ පාරිසරික විවිධත්වය සඳහා මිරිදිය වාසස්ථාන, කඳු සහිත බිම් කොටස් සහ අනෙකුත් ආශ්‍රිත පරිසර පද්ධති මගින් ද විශාල දායකත්වයක් සැපයේ.
Image result for sinharaja forest mapImage result for sinharaja forest map
Image result for sinharaja forest mapImage result for sinharaja forest map
මෙම වනාන්තරයේ සිරස් ස්ථරීභවනය ඉතා පැහැදිලි වූද, ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූද, ලක්ෂණයකි.  හොර, බූහොර, දොරණ සහ දුන් යනාදී ශාක විශේෂවලින් ඉහළම ස්ථරය සමන්විත වන අතර, මෙම ස්ථරයේ මීටර් 45 කට වඩා වැඩි උසකින් යුත් ඉතා උස් ශාක දැකිය හැකිය.  ‍දෙවන ස්ථරය මීටර් 30 – 45 ක් පමණ උසකට වර්ධනය වන අතර, බටුනා, ඇටඹ, වල්දෙල්, ලියන් සහ නවද යනාදී ශාක විශේෂවලින් සමන්විත වේ.  මෙම ශාකවල අතු එකිනෙක හා පෑහී සංවෘත වියන් ස්ථරයක් සාදා තිබීම විශේෂ ලක්ෂණයකි.  දවට, හැඩවක, කිතුල් සහ වලුකීන යන ශාක විශේෂ තුන්වන ස්ථරයේ පවතින අතර, මෙම ස්ථරය මීටර් 15 – 30 අතර උසකට විහිදේ.  මෙයට පහළින් පවතිනුයේ යටි වියන් ස්ථරයයි.  මෙය මීටර් 20 ක් පමණ උසකට විහිදේ. පඳුරු ස්ථරය මීටර් 2 – 4 අතර උසකට ද බිම් ස්ථරය මීටර් 1 කට වඩා අඩු උසකට ද සීමා වී තිබේ.
ජෛව විවිධත්වය - ශාක විශේෂ
Image result for sinharaja forest details sinhalaImage result for sinharaja forest details sinhala
ආවේණික ශාක විශේෂ 192 ක්, ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 30 ක් සහ ගෝලීයව වඳවීයාමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ 116 ක් ඇතුළු කාශ්ඨීය ශාක විශේෂ 337 ක් සිංහරාජ වනාන්තරය තුළින් හමුවී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම වනාන්තරයකින් වාර්තා වී තිබෙන ඉහළම කාෂ්ඨීය ශාක විශේෂ සංඛ්‍යාවයි.
සිංහරාජ වනාන්තරයේ ශාක සංයුතිය උත්කර්ශ හෝ ගතික සමතුලිතතා වෘක්ෂලතා දී දර්ශය නියෝජනය කරන අතර, ජීවීන්ගේ ජෛව ස්කන්ධයේ ශුද්ධ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුනොවේ. ලෝකයේ තිබෙන පරිසර පද්ධති අතුරින් ඉතාම පහසුවෙන් විනාශවිය හැකි මෙන්ම එසේ විනාශ වූ විට ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉතා අපහසු පරිසර පද්ධතියක් ලෙස මෙය සැලකේ.  තව ද මෙය ශාක විශේෂවල වටිනා ජාන සංචිතයේ ගබඩාවකි. මෙම ජාන සම්පත මගින් ලබාගත හැකි අමිල ප්‍රයෝජන තවම හඳුනාගෙන නැත.  සිංහරාජ වනාන්තරය සතුව පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වු වටිනා ශාක සම්පතක් දක්නට ලැබේ. මෙම ශාක අතර, ඈත අතීතයේ ගොන්ඩ්වානා සමයේ පැවති ශාක පුජාවට නෑකම් කියන්නා වූ ඒකදේශීය කාශ්ඨීය වෘක්ෂලතාදී දර්ශ විශාල ප්‍රමාණයක් පවතී.
ජෛව විවිධත්වය - සත්ත්ව විශේෂ:
Image result for sinharaja forest details sinhalaImage result for sinharaja forest details sinhala

Image result for sinharaja forest details sinhalaඉතා සෙමිImage result for sinharaja forest details sinhalaන් සංචරනය කරන ගොළුබෙල්ලාගේ සිට ප්‍රතාපවත් දිවියා දක්වා වූ පුළුල් පරාසයක් තුළ ව්‍යාප්තව පවත්නා සත්ව විශේෂ රැසකට සිංහරාජ වනාන්තරය වාසස්ථාන සපයයි. සිංහරාජ වනාන්තරයෙන් සත්ව කුළ 140 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
සිංහරාජ වනාන්තරය තුළින් මත්ස්‍ය විශේෂ 19, උභයජිවීන් විශේෂ 33 ක්, උරග විශේෂ 71 ක්, පක්ෂීන් විශේෂ 147 ක් සහ ක්ෂීරපායීන් විශේෂ 44 ක් වාර්තා වි තිබේ.  රටේ සිටින දේශීය පක්ෂි විශේෂ අතුරින් 60% ක් පමණ මෙන්ම, මෑතකදී සොයාගත් otus thilohoffmanni නම් බකමූණු විශේෂය ද ඇතුලුව ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම මෙම වනාන්තරයෙන් වාර්තා වී තිබේ. සිංහරාජ වනාන්තරය තුළ දැකිය හැකි වඩාත්ම සුන්දර දසුනක් වන්නේ පක්ෂි විශේෂ ගණනාවක් එකතු වී "නඩ" වශයෙන් වනයේ සැරිසැරීමයි.  මෙය වර්ෂා වනාන්තරවල දක්නට ලැබෙන සංසිද්ධියකි.  ආවේණික වඳුරු විශේෂ දෙකක් වන කළු වඳුරා සහ දම් මුහුණැති කොළ වඳුරා මෙහිදී දැකිය හැකිය.  සිංහරාජ වනාන්තරය තුළ සාම්බාර් ගෝනුන්, දිය බල්ලන්, මී මින්නන්, වල් ඌරන්, රන් හෝතඹුවන්, හම්බාවන්, හඳුන් දිවියන් සහ වල් බළලුන් ද දැකිය හැකිය.  වනාන්තරය අභ්‍යන්තරයේදී කලාතුරකින් ශ්‍රී ලංකාවේ දිවියා (Panthera pardus kotiya) ද දැකගත හැකිය.
Idea Lynceus jasonia සහ Troides Helena darsius  වැනි අවේණික සමනල විශේෂ ද ඇතුළුව සමනල විශේෂ 65 ක් පමණ ද සිංහරාජ වනාන්තරය තුළදී දැකගත හැකිය.  මෙයට අමතරව විවිධ විශේෂවල මකුළුවන්, උරගයින්, මිරිදිය මත්ස්‍යයන් සහ උභය ජීවීන්ද සිංහරාජ වනාන්තරය තුළින් හමුවේ.
ජල විද්‍යාත්මක වැදගත්කම:
ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ගංගාවන් දෙකක් වන, කළු ගඟ සහ ගිං ගඟ පෝෂණය කරන්නා වූ සංකීර්ණ ජල මාර්ග පද්ධතිය ආරම්භ වන්නේ මෙම වනාන්තරය තුළිනි. සිංහරාජ වනාන්තරයේ දකුණු කොටසින් පැන නඟින ජල මාර්ග මඟින් ගිං ගඟ පෝෂණය වන අතර, නා පොළ දොළ, කොස්ගුලාන ගඟ සහ කුඩව ගඟ මඟින් කළු ගඟ පෝෂණය කෙරේ.
Image result for sinharaja forest mapImage result for sinharaja forest map

ස්වභාවික මංපෙත්:
සංචාරකයින් හට වැදගත් ‍‍ඓතිහාසික, පාරිසරික, ජෛව විද්‍යාත්මක ස්ථාන ආරක්ෂිතව, පහසුවෙන් ‍ගවේෂණය කිරීම සඳහා මෙම ස්වභාවික මංපෙත් නිර්මාණය කර තිබේ.  කෙසේවුවද, මෙම මංපෙත් ඔස්සේ ගමන් කිරීමේදී සංචාරකයින් විසින් පුහුණුව ලත් මාර්ගෝපදේශකයින්ගේ සහාය ලබාගත යුතුය.
මුලාවැල්ල මංපෙත
ගල්ලෙන්යායා මංපෙත
දොරණ ඇල්ල ‍මංපෙත
පිටදෙනිය සෙල්පවුර පාරිසරික සංචාරක ප්‍රදේශය
වතුරාව මංපෙත
ලංකාගම පාරිසරික සංචාරක ප්‍රදේශය
හල්මංඩිය දොළ මංපෙත
මෝර්නිංසයිඩ් දූවිලි ඇල්ල මංපෙත
යෝධ නවද ගහ මංපෙත
මෝර්නිංසයිඩ් ජල තටාක මංපෙත
සිංහගල මංපෙත
වතුරාව - මුලාවැල්ල මංපෙත ඔස්සේ ඓතිහාසික නවද ගස, සිංහගල සහ "ගල්-ලෙන්-යාය" නමින් හඳුන්වන ගල් ගුහා සමුහය කරා ලඟාවිය හැකිය.  වසර 500 කට වඩා පැරණි මෙම මහේශාක්‍ය නවද ගස (Shorea stipularis) සිංරාජ වනාන්තරය තුළ දක්නට ලැබෙන විශිෂ්ඨ දර්ශන අතුරින් එකක් පමණි.  මෙම ආවේණික ශාකය මීටර් 40 ක් උස වන අතර, මීටර් 6.4 ක විශ්කම්භයක් සහිතය.  මුලාවැල්ල කඳුගැටය මතට නඟින අයකුට වනාන්තරයේ මනස්කාන්ත දර්ශනය මනාවට දැක බලාගත හැකිය.  සිංහරාජය තුළ හමුවන කඳු ගැටි නවය අතුරින් සිංහගල වඩාත් කැපී පෙනේ.  මෙම ස්ථානයේ සිට නරඹන විට හරිත වර්ණයෙන් විවිධ පැහැයන්ගෙන් විචිත්‍රවත් වූ අඛණ්ඩ වියන් ස්ථරය මනාව නැරඹීමට අවස්ථාව උදාවන බැවින් කුඩව - සිංහගල මංපෙත සිංහරාජ හරිත තොටිල්ල තුළ හමුවන වඩාත් ආකර්ශනීය මංපෙත වේ.
පහසුකම්:
·         කුඩව සහ පිටදෙනිය අවට පුහුණු මාර්ගෝපදේශකයින් යොදවා තිබේ.
·         පිටදෙනිය සහ කුඩව යන ස්ථානවල තොරතුරු මධ්‍යස්ථාන 2 කි. මේවායේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ සහිත වූ ශ්‍රවනාගාර පහසුකම් සැපයේ.
·         තොරතුරු සපයන මුද්‍රිත ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානවලින් මිලදීගත හැකිය.
නවාතැන් පහසුකම්:
වනාන්තරය ආසන්නයේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවාතැන් පහසුකම් සපයා තිබේ. මෙයට අමතරව වනාන්තරයට ලඟාවීමට පහසු දුරකින් පුද්ගලික හෝටල් සහ නිවාඩු නිකේතන කිහිපයක් ද පිහිටුවා තිබේ.
නවාතැන
පිහිටීම
නවාතැන් ස්වභාවය
ලැගුම්ගත හැකි සංඛ්‍යාව
කුඩව මූලික කඳවුර
කුඩව
ඩෝමෙට්රිය
30
කුඩව මූලික කඳවුර
කුඩව
කැබින් කාමරය
12
කුඩව මූලික කඳවුර
කුඩව
කැබින් කාමරය
06
කුඩව මූලික කඳවුර
කුඩව
කැබින් කාමරය
04
මුරකැලේ බංගලාව
කුඩව
නිවහන
11
මෝර්නිංසයිඩ් බංගලාව
මෝර්නිංසයිඩ්
නිවහන
11
වනිගසේකර ශාලාව - පිටදෙනිය
පිටදෙනිය
ඩෝමෙට්රිය
16
පිටදෙනිය නිවහන
පිටදෙනිය
ඩෝමෙට්රිය
16
ගිං ගඟ වන නිවහන
පිටදෙනිය
නිවහන
05
කඳවුරු බිම් සහ නවාතැන් වෙන්කිරීම
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සංචාරක බංගාලා / කඳවුරු බිම් වෙන්කිරිම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ සම්පත්පාය පරිශ්‍රයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් පමණක් සිදුකරයි. මේ සඳහා වන ඉල්ලීම් සතියේ වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ඉදිරිපත් කළයුතුය.
දුකථන අංක
+94 11 2866631, +94 11 2866632, +94 11 2875540
දිගුව
250
අදාල අංශය
වන සංගණන හා කලමනාකරණ අංශය 

0 comments: