නුදුටු දසුන්

සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන්. හුරුපුරුදු සතුන්ගේ හැඩරුව කැමරාවට. ඉරාන ජාතිකයකුගේ දස්කමක්.

ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න. ‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.

මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි. 

ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්‍රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.


ඉරානයේ ටැබ්රීස් නගරයේ වැසියකු වන ඕමිඞ් ගොල්සාර් සිය කාර්යය ගැන කියන්නේ මෙහෙමයි: ”මගේ කැමරාව මා රැගෙන ගියා සත්වලෝකයේ අමුතු ඉසවුවක් කරා. කෘමීන්ගේ මකුළුවන්ගේ ලෝකයේ පියවි ඇසට නොපෙනෙන දෑ බලන්නට ඒ තුළින් උත්සාහ කළ මට විස්මිත දසුන් රැසක් දකින්නට ලැබුණා. ඒවායින් කීපයක් මේ ඔබට දකින්නට සලස්වන්නේ.”
මේ සමනලයකුගේ හිසක අති සමීප රූපයකි.

මී මැස්සෙකුගේ හිසක අති සමීපරුවක්.

මකුළුවකුගේ හිසක සමීප රූපයක්.

බොහෝ මැක්‍රෝ ඡායාරූප ශිල්පීන් මෙවැනි පින්තූර ගන්නට විශේෂිත කාච භාවිත කළත් ගොල්සාර් මේ සඳහා යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය මිමී 28 කාචයක කැමරාවකි.

බමරකුගේ හිසක සමීප රුවක්

අපට හුරුපුරුදු ගෙමැස්සාගේ හිසේ සමීප රූපයක්

කුරුමිණියකුගේ හිසක්

සාමාන්‍යයෙන් නොපෙනෙන සිහින් කෙඳි දැක්වෙන මකුළු හිසක්.

ශලබයකුගේ සමීප රූපයක්

0 comments:

මෙි සතුන් ගැන තවත් ලිපියක්

විෂ විදීමෙන් හා විදුලි සැර පිටකිරීමෙන් පණ බේරාගන්න සත්තු : සත්ත්ව ලෝකයේ උපක‍්‍රම

ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි. විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත. ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ගෙන ඇත්තේ ද ස්වාභාවික වර්ණ අනුව යමිනි. රතු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අවදානමක් එසේත් නැතිනම් අනතුරකි. කහ වර්ණය ඇති විටදී ද අනතුරක ස්වභාවය පෙන්නුම් කළත් අවදානම අඩුය. කොළ පාටින් පෙන්නුම් කරන්නේ අනතුරක් නොමැත යන්නයි. සත්ත්ව ලෝකයේ නොයෙක් නොයෙක් සත්තු විවිධ උපක‍්‍රම භාවිතා කරති. සමහරු විෂ යොදා ගනිති. තවත් සමහරු විදුලිය යොදා ගනිති.


විෂ සහිත සහ විෂඝෝර සතුන්
විෂ සහිත (Poisonous) සහ විෂඝෝර (Venomous) හෙවත් විසකුරු යනුවෙන් සත්ත්ව ලෝකයේ සතුන් වර්ග දෙකකට බෙදා දැක්වෙයි. සර්පයන්, ගෝනුස්සන් වැනි විසකුරු සත්තු ආරක්ෂක උපක‍්‍රමයක් ලෙස විෂ භාවිත කරති. ඔවුන් සිය ජීවිත ආරක්ෂා කර ගන්නේ දෂ්ඨ කිරීම් මගින් තමන්ට අනතුරක් කිරීමට සූදානම් වෙන සත්ත්වයාගේ සිරුරට විෂ යැවීමෙනි. විෂ සහිත සතුන් ලෙස වර්ගීකරණයට ලක්වන සතුන් අනෙක් අයට විෂ වෙන්නේ උන්ව ස්පර්ශ කළොත් හෝ ආහාරයට ගතහොත් පමණය. විෂ සහිත සහ විසකුරු සතුන්ට අනෙක් සතුන්ට මෙන් සතුරන්ගෙන් බේරී සැඟවී සිටීමට වෙස්වලා ගැනීම (Camouflage) වැනි ක‍්‍රම වේදයන් අවශ්‍ය වන්නේ නැහැ. බොහොමයක් සතුන් සොබාදහමේ අනතුරු ඇඟවීමේ වර්ණ වන දීප්තිමත් රතු, කහ හෝ කළු පැහැයෙන් වර්ණවත් වීම සිටීම නිසා උන් දුටු විට මඟ හැර යාම හෝ උන්ව ගණන් නොගෙන සිටීමට අනෙක් සත්තු හුරුවී සිටිති. විෂ සහිත සතුන්ගේ සමෙන් ස‍්‍රාවය වන විෂ ඌව ගොදුරු කර ගැනීමට එන විලෝපිකයාගේ මුවෙහි ස්පර්ශවීමෙන් දැවිල්ලක් ඇති වේ. ඉන් බියට පත් වන එම විලෝපිකයා ගොදුර අතහැර පැන යයි. ඉන්පසු ඌ කිසි දිනක එම විෂ සහිත සත්ත්වයා ගොදුරු කර ගන්නට යළි තැත් කරන්නේ නැත. මෙසේ විෂ නිකුත් කරන සතුන් බොහෝ විට එසේ කරන්නේ සම තුළින් හෝ සිරුරේ ඇති වෙනත් ඉන්ද්‍රියයන් හෝ ග‍්‍රන්ථියක් හෝ මගිනි. යුරෝපීය මැඩි විශේෂ සතුරන්ගෙන් බේරීමට කන අසළ ඇති විශේෂ ග‍්‍රන්ථියකින් වෑස්සෙන විස යොදා ගනී.

විෂකුරු සතුන්
විෂකුරු සතුන් නොයෙක් ආකාරයෙන් විෂ පිට කරයි. දළ අඟ විෂ ඇති සමහර මකුළුවන් සහ සර්පයින් ගොදුරු අල්ලා ගන්නේ දෂ්ඨ කිරීමෙනි. දකුණු අපි‍්‍රකාවේ ඇමසන් වනාන්තරයේ දක්නට ලැබෙන ඇමසෝනියානු දළඹුවාගේ (Amazonian Caterpillar) සිරුරේ විෂ සහිත කෙඳි තිබේ. දෙඹරුන්, මී මැස්සන් හා බඹර රංචුවල දෂ්ඨනයන්ට හසුවීමෙන් මිනිසුන් ජීවිතක්ෂයට පත්වී ඇති අවස්ථා අපේ රටෙන් මෙන්ම විදෙස් රටවලින්ද අපට අසන්න ලැබේ. මෙම විෂ සහිත සතුන්ගෙන් බොහොමයක් ජීවත් වෙන්නේ මුහුදේය. 

විෂ හා විදුලි සැර විදින මාළු
එකිනෙකට වෙනස් විෂ සහිත මත්ස්‍ය වර්ග 50 කට වැඩි ප‍්‍රමාණයක් මුහුදේ ජීවත් වෙති. එමෙන්ම මුළු සිරුර පුරා ම විෂ ඇති මත්ස්‍යයෝ ද සිටිති. සමහර මසුන්ට විෂ සහිත කටු හෝ දළ තිබේ. ඒ සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහාය. සමහර විටෙක ගොදුරක් අල්ලා ගැනීමේදී ගොදුරු අඩපණ කිරීමට ද ඒවා ප‍්‍රයෝජනවත් වේ. වීවර් මාළුවා එවැනි දරුණු විෂ සහිත කටු ඇත්තෙකි. ඕස්ටේ‍්‍රලියාවේ ගල් මාළුවා ද එවැනි කටු ඇත්තෙකි. මේ ගැන නොසලකා මුහුදේ පිහිනීමට යාම අනතුරුදායකය. එවැනි මසුන් ආහාරයට ගැනීම ද අවදානම් සහිතය. බොහෝ විට මේ මසුන් ගොදුරු කර ගන්නන්ට අත්වන්නේ මරණයයි. අනෙක් විෂ ඇති මත්ස්‍යයන්ගේ සිරුරුවල විෂ ග‍්‍රන්ථිවලින් සමන්විත කටු ඇත. මෙම මත්ස්‍යයන්ගේ සිරුරුවලින් විස වෑස්සෙන්නේ මෙම විෂ කටු යම්කිසිවකු විසින් ස්පර්ශ කළහොත් පමණි. ගොදුරුක් අල්ලා ගැනීමට හෝ සතුරකු පළවා හැරීමට, විදුලි බලය යොදාගෙන අප‍්‍රාණික කිරීමට හෝ මරා දැමීමට හෝ හැකියාවක් මාළුන්ට තිබේ. පුරාණ ගී‍්‍රක ජාතිකයෝ විදුලි මඩුවන් හෝ ට්‍රෝපිඩෝ මසුන් යොදාගෙන හන්දි ඉදිමීමට ප‍්‍රතිකාර කළ බව පැවැසේ. අනතුරකදී පෙරළා පහර දෙන මත්ස්‍යයෝද සිටිති. මේ අතරින් එක් වර්ගයක් වන්නේ ‘ස්ටිංග් රේ’ නමින් හැඳින්වෙන මඩුවන්ය. මොවුන්ට ඇත්තේ කිණිස්සක ආකාරයේ කොඳු ඇට පෙළකි. ඉතාමත් සිහින් වලිගය කෙළවර දතක් මෙන්ය. වල්ගය කසයක් මෙන් භාවිත කර සතුරකුට පහරදීමට හැකියාව ඌට ඇත. වරල් මඩුවාගේ කොඳු ඇට පෙළෙහි ද විෂ තිබේ. ඊට විෂ ලැබෙන්නේ විෂ ග‍්‍රන්ථියකිනි. වළ ගැසී ඇති මෙම පෙදෙස ස්පර්ශ කළ වහාම සම පුපුරා විෂ නිකුත් වේ. 

විසෙන් විෂ නසන ඔසු 
සොබාදහමෙන් නව ඔසුවක් නිර්මාණය කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔබට වඩාත්ම යෝග්‍ය වන්නේ විෂකුරු සතුන් හා ශාක ය. වර්තමානයේ ඖෂධ රාශියක් නිර්මාණය කර තිබෙන්නේ සොබාදහමෙන් ලබා ගන්නා මේ මාරක විෂවලිනි. දකුණු ඇමෙරිකා ස්වදේශීය ගෝති‍්‍රකයන් ඔවුන්ගේ ඊතල තුඩුවල ගැල්වීමට යොදා ගත්තේ එක්තරා වැල් වර්ගයකින් ලබා ගන්නා විෂ ද්‍රව්‍යයකි. එම විෂවලින් මාංශපේෂීන් ලිහිල් කරන ඔසුවක් දැන් නිෂ්පාදනය කෙරේ. මෙම ඔසුවල සිට දැති කොරළ පොළඟාගෙන් (Saw Scaled Viper) ලබා ගන්නා විෂවලින් සකස් කෙරෙන ලේ කැටි ගැසීම වළක්වන ප‍්‍රති කැටිකාරක ඔසු දක්වා ඔසු වර්ග රැසක් නිපදවීමට මේ සොබාදහමේ විෂ රසායන දැන් යොදා ගැනේ. 

විෂ සිරුරට යන්නේ මෙහෙමයි
සත්ත්ව විෂ තුළින් ඖෂධ නිර්මාණය කිරීමේ දී ඉතා වැදගත් වන කාරණා දෙකක් ඇත. ඒ සතුන් එම විෂ භාවිත කරන ආකාරය හා ඒ විෂ ශරීරගත වූ පසු කි‍්‍රයා කරන ආකාරයයි. ඇතැම් සතුන් උන්ගේ විෂ භාවිත කරන්නේ තම ගොදුර මරා දැමීමට හෝ අප‍්‍රාණික කර අඩපණ කිරීමටයි. එසේ ම සමහර සතුන්ගේ ඇති උග‍්‍ර විෂ ඉතා ඉක්මනින් හා නිවැරදි ඉලක්කය කරා ගොස් මාංශපේෂීවලට හා ස්නායු පද්ධතියට හානි පමුණුවයි. මෙම විෂවල ඇති ඉතා කුඩා අංශු වඩාත් පහසුවෙන් මොළයට රුධිරය ගෙනයන නාල හරහා රිංගා යයි. 

විස නසන ප‍්‍රතිවිෂ
විෂකුරු සතුන්ගේ දෂ්ඨනයන්ට ලක්වූ විට එයින් අපේ ජීවිත බේරාගන්නේ ප‍්‍රතිවිෂවල ඒ අනුසාරයෙන් තනන ප‍්‍රතිධූලකවල උදව්වෙනි. බොහෝ සර්ප විෂට ප‍්‍රතිකර්ම ලෙස භාවිත කරන ප‍්‍රතිවිෂ සකස් කර ගනු ලබන්නේ සර්ප විෂ අශ්වයන්ගේ සිරුරුවලට ඇතුළත් කිරීමෙන් පසු ලබා ගන්නා ප‍්‍රතිදේහවලිනි. අශ්වයන්ගේ සිරුරුවලට සර්ප විෂ ඇතුළත් කළ පසු උන්ගේ සිරුරු එම විෂට ඔරොත්තු දෙන ප‍්‍රතිදේහ නිපදවයි. ඉන්පසු ඒ අසුන්ගෙන් ලබා ගන්නා රුධිර සාම්පල යොදා ගනිමින් මේ ප‍්‍රතිවිෂ සකස් කර ගනු ලැබේ. ඇතැම් අවස්ථාවල සමහර පුද්ගලයන්ට අසුන්ගේ සිරුරුවලින් ගන්නා ධූලක ආසාත්මික වන නිසා දැන් ප‍්‍රතිවිෂ නිපදවීමේ එළුවන් හෝ බැටළුවන් යොදා ගැනේ.

යෝධ ඊශ‍්‍රායල ගෝනුස්සා - අඟල් 5ක් පමණ දිග මේ වර්ගයේ වැඩුණු සතකු දරුණු මරුවකු ලෙස සැලකෙන්නෙ උගේ වලගයේ ඇති දරුණු විෂ නිසයි. ඒත් ඒ තුළින් ලබා ගන්නා ක්ලෝරෝටොක්සින් නම් රසායනිකය නිසා වසරක් පාසා ග්ලයෝමාව නම් වූ සුව කළ නොහැකි මොළේ පිළිකාවෙන් පෙළෙන ඇමෙරිකානුවන් 25,000ක ජීවිත ගලවා දෙයි.

ෆැන්ටස්මල් විෂ රැගත් රුක් මැඩියා - එක්වදෝරයේ වෙසෙන මේ කුඩා රුක් මැඩියාගේ සමෙන් ලබා ගන්නා විෂ සහිත රසායනයකින් මෝෆීන්වලට වඩා ප‍්‍රබල වේදනා නාශකයක් නිපදවෙයි.

ටර්සියෝපෙලෝ පොළඟා - මේ මධ්‍යම ඇමෙරිකානු පොළොං විශේෂයෙහි ඇති විෂ තුළින් ලබා ගන්නා රසායනයකින් බැක්ටීරියා ආසාදන මර්දනය කළ හැකි ඖෂධයක් නිපදවනු ලැබේ. 

ෆයිලෝබැටිස් ටෙරිබිලිස් මැඩියා - මේ මධ්‍යම ඇමෙරිකානු ස්වදේශිකයන් මේ රුක් මැඩි විශේෂයෙහි ඇති විෂ යොදා ගෙන දඩයම් කළ බව සඳහන්ය. එයින් දැන් නව ප‍්‍රතිජීවකයක් ද නිපදවනු ලැබේ.

තායිලන්ත නයා - මෙම සර්පයාගේ විෂ තුළින් ඉමියුනෝකයින් නම් ඔසුව ජරඨාශය හෙවත් සම ඝනවීම ඇතුළු ස්නායු පද්ධතියේ ඇති සංකීර්ණ රෝග තත්ත්වයන්ට පිළියම් වශයෙන් භාවිත කෙරේ.

කෝන් ගොළුබෙල්ලා - ඝර්ම කලාපීය ජලාශවල වෙසෙන මේ ගොළුබෙල්ලාට විෂ සහිත දළ ඇති අතර එම විෂවලින් තනනු ලබන ඔසුවක් ඇල්ෂයිමර් හා භින්නෝන්මාදය වැනි රෝගවලට භාවිත කෙරේ.

0 comments:

පක්ෂීන් වර්ගිකරනය 2

ගෝත්‍රය කොරසයිෆෝම්ස්

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය කොරසයිඩේ:
දුම්බොන්නා
Indian Roller
Image result for Indian Roller
Coracias benghalensis
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
දුම්කාවා
Dollarbird
Image result for Dollarbird
Eurystomus orientalis
(
ලීනේයස්, 1766)
අභිජනන නේවාසික
කුලය ඇල්සෙඩිනිඩේ:
මල් පිළිහුඩුවා
Common Kingfisher
Image result for Common Kingfisher
Alcedo atthis
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
නිල්කන් පිළිහුඩුවා
Blue-eared Kingfisher
Image result for Blue-eared Kingfisher
Alcedo meninting
හෝස්ෆීල්ඩ්, 1821
අභිජනන නේවාසික
පෙරදිග රන්-පිළිහුඩුවා
Oriental Dwarf Kingfisher
Image result for Oriental Dwarf Kingfisher
Ceyx erithacus
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
කුලය හැල්සයනිඩේ:
මානාතුඩු මැදි-පිළිහුඩුවා
Stork-billed Kingfisher
Image result for Stork-billed Kingfisher
Halcyon capensis
අභිජනන නේවාසික
ළයසුදු මැදි-පිළිහුඩුවා
White-throated Kingfisher

Image result for White-throated Kingfisher
Halcyon smyrnensis
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
කළු ඉසැසි මැදි-පිළිහුඩුවා
Black-capped Kingfisher

Image result for Black-capped Kingfisher
Halcyon pileata
(
බොඩේට්, 1783)
සිසිර පර්යටකයා
කුලය සෙරිලිඩේ:
ගෝමර පිළිහුඩුවා
Pied Kingfisher

Image result for Pied Kingfisher
Ceryle rudis
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
කුලය මෙරෝපිඩේ:
පුංචි බිඟුහරයා
Green Bee-eater

Image result for Green Bee-eater
Merops orientalis
ලේතම්, 1802
අභිජනන නේවාසික
නිල්පෙඳ බිඟුහරයා
Blue-tailed Bee-eater

Image result for Blue-tailed Bee-eater
Merops philippinus
ලීනේයස්, 1766
සිසිර පර්යටකයා
යුරෝපීය බිඟුහරයා
European Bee-eater

Image result for European Bee-eater
Merops apiaster
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
තඹල-හිස බිඟුහරයා
Chestnut-headed Bee-eater

Image result for Chestnut-headed Bee-eater
Merops leschenaulti
වීලෝ, 1817
අභිජනන නේවාසික

ගෝත්‍රය කුකුලිෆෝම්ස්

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය කුකුලිඩේ:
ගෝමර කොණ්ඩකොහා
Pied Cuckoo

Image result for Pied Cuckoo
Clamator jacobinus
(
බොඩේට්, 1783)
අභිජනන නේවාසික
තඹල-පිය කොණ්ඩකොහා
Chestnut-winged Cuckoo

Image result for Chestnut-winged Cuckoo
Clamator coromandus
(
ලීනේයස්, 1766)
සිසිර පර්යටකයා
උකුසුකොහා
Common Hawk Cuckoo

Image result for Common Hawk Cuckoo
Hierococcyx varius[Cuculus varius]
වාල්, 1797
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා
ඉන්දු කෝකිලයා
Indian Cuckoo

Image result for Indian Cuckoo
Cuculus micropterus
ගූල්ඩ්, 1838
තත්වය නොදනී
පොදු කෝකිලයා
Eurasian Cuckoo

Image result for Eurasian Cuckoo
Cuculus canorus
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
පුංචි කෝකිලයා
Lesser Cuckoo

Image result for Lesser Cuckoo
Cuculus poliocephalus
ලේතම්, 1790
සිසිර පර්යටකයා
වයිර ගුරුකොහා
Banded Bay Cuckoo

Image result for Banded Bay Cuckoo
Cacomantis sonneratii
(
ලේතම්, 1790)
අභිජනන නේවාසික
කුසළු ගුරුකොහා
Grey-bellied Cuckoo

Image result for Grey-bellied Cuckoo
Cacomantis passerinus
(
වාල්, 1797)
සිසිර පර්යටකයා
ආසියා මරකොහා
Asian Emarald Cuckoo

Image result for Asian Emerald Cuckoo
Chrysococcyx maculatus
(
මෙලින්, 1788)
සිසිර අයාලයා
කවුඩුකොහා
Drongo Cuckoo

Image result for Drongo Cuckoo
Surniculus lugubris
(
හෝස්ෆීල්ඩ්, 1821)
අභිජනන නේවාසික
කොවුලා
Asian Koel

Image result for Asian Koel
Eudynamys scolopacea
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
වතනිල් මල්කොහා
Blue-faced Malkoha

Image result for Blue-faced Malkoha
Phaenicophaeus viridirostris
(
ජර්ඩන්, 1840)
අභිජනන නේවාසික
පතන් මල්කොහා\ඇටිකුකුළා
Sirkeer Malkoha

Image result for Sirkeer Malkoha
Phaenicophaeus leschenaultii
(
ලෙසන්, 1830)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා වතරතු මල්කොහා
Sri Lanka Red-faced Malkoha

Image result for Sri Lanka Red-faced Malkoha
Phaenicophaeus pyrrhocephalus ආවේණික
(
පෙනන්ට්, 1769)
අභිජනන නේවාසික
කුලය සෙන්ට්‍රොපොඩිඩේ:
ඇටි-කුකුළා
Greater Coucal

Image result for Greater Coucal
Centropus sinensis
(
ස්ටීවන්ස්, 1815)
අභිජනන නේවාසික
හීන් ඇටි-කුකුළා
Lesser Coucal

Image result for Lesser Coucal
Centropus bengalensis
(
මෙලින්, 1788)
අයාලයා
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා
Sri Lanka Green-billed Coucal

Image result for Sri Lanka Green-billed Coucal
Centropus chlororhynchus ආවේණික
බ්ලයිත්, 1849
අභිජනන නේවාසික

ගෝත්‍රය සිටාසිෆෝම්ස්

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය සිටාසිඩේ:
ශ්‍රී ලංකා ගිරාමලිත්තා
Sri Lanka Hanging Parakeet

Loriculus beryllinus -Sri Lanka -adult-8.jpg
Loriculus beryllinus ආවේණික
(
ෆෝස්ටර්, ජේ.ආර්., 1781)
අභිජනන නේවාසික
ලබු ගිරවා
Alexandrine Parakeet

Image result for Alexandrine Parakeet
Psittacula eupatria
(
ලීනේයස්, 1766)
අභිජනන නේවාසික
රෑන ගිරවා
Rose-ringed Parakeet

Image result for Rose-ringed Parakeet
Psittacula krameri
(
ස්කොපෝලි, 1769)
අභිජනන නේවාසික
පඬු ගිරවා
Plum-headed Parakeet

Image result for Plum-headed Parakeet
Psittacula cyanocephala
(
ලීනේයස්, 1766)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා අළු ගිරවා
Sri Lanka Layard’s Parakeet

Psittacula calthropae ආවේණික
(
බ්ලයිත්, 1849)
අභිජනන නේවාසික

ගෝත්‍රය ඇපොඩිෆෝම්ස්

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ඇපොඩිඩේ:
ඉන්දු උප-තුරිතයා
Indian Swiftlet
Collocalia unicolor
(
ජර්ඩන්, 1840)
අභිජනන නේවාසික
පිටබොර කටුපෙඳ-තුරිතයා
Brown-backed Needletail
Hirundapus giganteus
(
ටෙමින්ක්, 1825)
අභිජනන නේවාසික
ආසියා තල්-තුරිතයා
Asian Palm Swift
Cypsiurus balasiensis
(
ග්‍රේ, ජේ.ඊ., 1829)
අභිජනන නේවාසික
ඇල්පයින්-තුරිතයා
Alpine Swift

Image result for Alpine Swift
Tachymarptis melba
(
ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
දෙබල්-වලිග තුරිතයා
Fork-tailed Swift
Apus pacificus
(
ලේතම්, 1802)
සිසිර අයාලයා
පුංචි තුරිතයා
House Swift
Image result for House Swift
Apus affinis
(
ග්‍රේ, ජේ.ඊ., 1830)
අභිජනන නේවාසික
නිතඹ-අඳුරු තුරිතයා
Dark-rumped Swift
Image result for Dark-rumped Swift
Apus acuticauda
(
ජර්ඩන්, )
සිසිර අයාලයා
කුලය හෙමිප්‍රොක්නිඩේ:
සිළු-රුක් තුරිතයා
Crested Treeswift
Image result for Crested Treeswift
Hemiprocne coronata
(
ටිකල්, 1833)
අභිජනන නේවාසික

ගෝත්‍රය ස්ට්‍රිගිෆෝම්ස්

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ටයිටොනිඩේ:
අටු වෙස්බස්සා
Barn Owl
Image result for Barn Owl
Tyto alba
(
ස්කොපෝලි, 1769)
අභිජනන නේවාසික
උපකුලය ෆොඩිලිනේ:
පෙරදිගු ගුරුබස්සා
Oriental Bay Owl
Image result for Oriental Bay Owl
Phodilus badius
(
හෝස්ෆීල්ඩ්, 1821)
අභිජනන නේවාසික
කුලය ස්ට්‍රිගිඩේ:
පෙරදිගු කන්බස්සා
Oriental Scops Owl
Image result for Oriental Scops Owl
Otus sunia
(
හොජ්සන්, 1836)
අභිජනන නේවාසික
කරපටි කන්බස්සා
Collard Scops Owl
Image result for Collared Scops Owl
Otus bakkamoena
පෙනන්ට්, 1769
අභිජනන නේවාසික
පඬුවන් කන්බස්සා
Serendib Scops Owl
Image result for Serendib Scops Owl
Otus thilohofmanni ආවේණික
වරකාගොඩ & රස්මසන්, 2004
අභිජනන නේවාසික
උකුසු බකමූණා/උලමා
Spot-bellied Eagle Owl
Image result for Spot-bellied Eagle Owl
Bubo nipalensis
(
හොජ්සන්, 1836)
අභිජනන නේවාසික
බොර කෙවුල්-බකමූණා
Brown Fish Owl
Image result for Brown Fish Owl
Ketupa zeylonensis
(
මෙලින්, 1788)
අභිජනන නේවාසික
බොර වන-බකමූණා
Brown Wood Owl
Image result for Brown Wood Owl
Strix leptogrammica
ටෙමින්ක්, 1832
අභිජනන නේවාසික
වන උපබස්සා
Jungle Owlet
Glaucidium radiatum
(
ටිකල්, 1833)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා පිට තඹල උපබස්සා
Sri Lanka Chestnut-backed Owlet
Image result for Sri Lanka Chestnut-backed Owlet
Glaucidium castanonotum ආවේණික
(
බ්ලයිත්, 1846)
අභිජනන නේවාසික
බොර උකුසු-බස්සා
Brown Hawk Owl
Image result for Brown Hawk Owl
Ninox scutulata
(
රැෆ්ල්ස්, 1822)
අභිජනන නේවාසික
කෙටි කන්-බකමූණා
Short-eared Owl
Image result for Short-eared Owl
Asio flammeus
(
පොන්ටොපිඩන්, 1763)
සිසිර පර්යටකයා

ගෝත්‍රය කැප්‍රිමල්ජිෆෝම්ස්[සංස්කරණය කරන්න]

පොදු නම
විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය බැට්‍රොකොස්ටොමිඩේ:
මැඩි-මූණා
Frogmouth
Image result for Frogmouth
Batrachostomus moniliger
බ්ලයිත්, 1849
අභිජනන නේවාසික
කුලය කැප්‍රිමල්ජිඩේ:
අළු බිම්බස්සා
Grey Nightjar
Image result for Grey Nightjar
Caprimulgus indicus
ලේතම්, 1790
අභිජනන නේවාසික
ජර්දන් බිම්බස්සා
Jerdon’s Nightjar
Image result for Jerdon’s Nightjar
Caprimulgus atripennis
ජර්ඩන්, 1845
අභිජනන නේවාසික
ඉන්දු බිම්බස්සා
Common Nightjar
Image result for Common Nightjar
Caprimulgus asiaticus
ලේතම්, 1790
අභිජනන නේවාසික

0 comments: